SELECT–SQL
SELECT ස්ටේට්මන්ට් එක ඩිවලොපර්ලා ඇතුලු හැමෝටම වැදගත් වෙන ස්ටේට්මන්ට් එකක්. වැඩියෙන්ම භාවිතා වෙන ස්ටේට්මන්ට් එක බොහෝ වෙලාවට මේක වෙන්නත් පුලුවන්. අපට අවශ්‍ය විදිහට ඩේටාබේස් එකේ ටේබල් කිහිපයකින්ම දත්ත ගැනීමට මේ ස්ටේට්මන්ට් වලට පුලුවන්. ඒවගේම ගණිත කර්ම කරන්නත් පුලුවන්. උදාහරණයන් සදහා මම පහල තියන tblMarks ටේබල් එක දිගටම පාවිච්චි කරනවා.
ID Name Marks
1 Dedunu 67
2 Satheeq 87
3 Dinesh 98
4 Shamil 67
5 Hasitha 87
6 Abinandana 76
අපි හිතමු අපිට අවශ්‍යයි කියලා තියන දත්ත ඔක්කොම ටේබල් ගන්න අවශ්‍යයි කියලා. අපි පාවිච්චි කරන්න ඕන ස්ටේට්මන්ට් එක මේ වගේ එකක්.
SELECT * FROM dbo.tblMarks
මේ ස්ටේට්මන්ට් එක රන් කලොත් අපිට ලැබෙන්නේ මුලින්ම තියන වගුව වගේම ප්‍රතිඵලයක්. අපි හිතමු දැන් අපිට අවශ්‍ය වෙලා තියනවා කියලා නම් ලැයිස්තුවක් ඩේටාබේස් එකෙන් අරගන්න. එතකොට අපි රන් කරන්න ඕනේ පහත විදිහේ ස්ටේට්මන්ට් එකක්.
SELECT Name FROM dbo.tblMarks
නම් සමග ලකුනුත් අවශ්‍ය නම් පාවිච්චි කරන්න ඕනේ මේ පහල තියන ස්ටේට්මන්ට් එක.
SELECT Name, Marks FROM dbo.tblMarks
Name Marks
Dedunu 67
Satheeq 87
Dinesh 98
Shamil 67
Hasitha 87
Abinandana 76
ලැබෙන ප්‍රතිඵලය ඉහත වගේ එකක්. අපි හිතමු කාටහරි අවශ්‍ය වෙනවා නම් ලැයිතුව අකාරාදි පිලිවෙලට අරගන්න. එතකොට රන් කරන්න අවශ්‍ය පහත ස්ටේට්මන්ට් එක.
SELECT Name FROM dbo.tblMarks ORDER BY Name ASC
ස්ටේට්මන්ට් අතර අලුතෙන් ලයින් කොච්චර තිබුනත් ගැටලුවක් වෙන්නේ නැ. පහත ආකාරයට තමයි ඉහත තියන ස්ටේට්මන්ට් එකේ රිසාල්ට් සෙට් එක ලැබෙන්නේ.
Name
Abinandana
Dedunu
Dinesh
Hasitha
Satheeq
Shamil
අපි හිතමු ඒවගේම අපිට අවශ්‍ය වෙනවා ලකුනු වැඩියෙන්ම ගත්ත කෙනාගේ නමත් ලකුනුත් අරගන්න. ඒ සදහා අපිට පහත තියන ස්ටේට්මන්ට් එක පාවිච්චි කරන්න පුලුවන්.
SELECT Name, MarksFROM dbo.tblMarks ORDER BY Marks DESC
එතකොට ඇත්තටම ලැබෙන්නේ පහත ආකාරයේ රිසාල්ට් සෙට් එකක්.
Name Marks
Dinesh 98
Satheeq 87
Hasitha 87
Abinandana 76
Dedunu 67
Shamil 67