Dot net and champs

හික්ස්. මම ටිකක් මේ දවස් වල වැඩ වැඩි වුනත් චෑම්ප්ස් මීටිං එකයි ඩොට්‍ නෙට් යුසර් group මීටිං එකයි මිස් කරගත්තේ නැ. ඇත්තටම මට සහභාගී‍ වෙන්න ලැබුනු සෙෂන් 4ම නියමයි. එතිකල් හැකිං ගැන වුනත් පොඩි ඉන්ටරෙස්ට් එකක් අවා. ඒත් ඒක අනික් හැමදේකටම වඩා අමාරු එතිකල් හැකිං වලටම අපි යන්න වෙනවා ජිවත් වෙන්න වෙනවා අනික් හැමදෙයක්ම අත ඇරලා. ඉතින් ඒකත් එච්චර ලේසි වැඩක් නෙමේ මට තේරෙන විදිහට.

ඊ‍ට පස්සේ තිබුන ඩොට් නෙට් යූසර් මීටිං එකේදි ALM ගැන ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා. මට කලිං පාර මීටිං එක මිස්‍ වෙච්ච එක ගැන දුකයි මොනවා කරන්නද ඉතින් දැක්කේ පහු වෙලානේ.

2 Comments

Filed under සිංහල

Dot Net Forum User Meeting

ම‍ට ගියපාර මීටිං එකත් මිස් වුනානේ.

මේපාර නම් මිස්වෙන්න දෙන්න බෑ. අද ස්ටුඩන් චෑම්ප් මී‍ටිං එකත් තියනවා.

පුලුවන් වුනොත් දෙකටම යනවා

2 Comments

Filed under සිංහල

Windows 8 වැඩ!!!

මම වි‍න්ඩෝස් 8 දෙපාරක්ම ඩව්‍න්ලෝඩ් කරද්දි ඩව්න්ලෝඩ් මග නතරවුනා. ඒවගේමයි රිසියුම් කරන්නත් බැරි වුනා. මට අඩු ප්‍රමාණයකින් වින්ඩෝස් අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් වුනත් මම එහෙම නොකලේ යාලුවෙක්ට හරි දෙන්න ඉමේජ් එක ඩව්න්ලෝඩ් කරගත්තොත් පුලුවන් හන්දා.  වින්ඩෝස් 8 කන්සියුමර් ප්‍රිවිව් එක 2013 ජනවාරි 15 වෙනකං වලංගුයි. ඒ වෙනකොට හැමෝටම වින්ඩෝස් 8 RTM එකට මාරු වෙන්න වෙනවා. මම මෙතෙන්දි මාරු වෙන්න වෙනවා කිව්වේ වින්ඩෝස් 8 කන්සියුමර් ප්‍රිවිව් එක පාවිච්චි කරන අයට.

අපි මෙච්චර කාලයක් දැකපු ස්ටාර්ට් බටන් එක අපිට වින්ඩෝස් 8 වලදි නැති වෙනවා. ඉතින් ටාස්ක් බාර් එකේ තව ඉඩ ප්‍රමාණයක් ලැබෙනවා ඇප්ලිකේෂන් වලට. ඒවගේම ටාස්ක් මැනේජර් සරලව පෙන්නලා අවශ්‍යනම් විතරක් වැඩි විස්තර සහිතව ලබා දෙනවා. ඒවගේමය හදිසියේ හරි ඇප්ලිකේෂන් එකක් ෆ්‍රීස් වුනොත් ඉක්මන් සහනය වින්ඩෝස් 8 ඒක රිස්ටාර්ට් කරලා හරි නැත්තම් ක්ලෝස් කරලා හරි දෙනවා. ඒව‍ගේමයි ඩිවලොපර් ප්‍රිවිවි එකේ මෙට්රෝ ඇප්ලිකේෂන් එකක් ඔපන් කලාට පස්සේ අයිඩ්ල් තියෙනවා.දැන් එහෙම නැ. අපිට ඕනේ නම් ක්ලොස් කරලා දාන්න පුලුවන් ස්ටාර්ට් මෙනු එකේ ඉදලම. අමුතුවෙන් ටාස්ක් මැනේජර් එකට යන්න‍ ඕනේ නැ.


පලවෙනි පින්තුරේ විෂුවල් ස්ටුඩියෝ 11 බීටා එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.

ඒවගේම වින්ඩෝස් 7 වල Show Desktop කියන තැනට ගියාම තමා Search, Share, Start, Devices, Settings අයි කන් පෙන්නන්නේ.‍

පේනවනේ ස්ටාර්ට් බටන් එක‍ පේන්නවත් නැ.

14 Comments

Filed under සිංහල

Windows Server 8

අපේ කම්පියුටර් ක්ලාස් එකේ යාලුවෙක් කිව්වා වින්ඩෝස් 8 රිලිස් එකක් පෙබරවාරි 29 තියනවා කියලා. මම එච්චර හොයන්න උනේ නැ එක්සෑම් හන්දා පාඩම් වැඩ මිසක්. ඒත් ඇත්තටම වින්ඩෝස් 8 වල කන්සියුමර් ප්‍රිවිවි එක ඇවිත් කියලා මම ඊයේ රෑ දැක්කා. දැක්ක ගමන් ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා. ඉතින් ඒ අස්සේම මම දැක්කා වින්ඩෝස් සර්වර් 8 එකත් ඇවිල්ලා කියලා. වින්ඩෝස් සර්වර් 8 එකෙත් සිස්ටම් රික්වයර්මන්ට් ගොඩක් අඩු වෙලා කියලා තමා මට දැක්කාම හිතුනේ. 1.5GHz ප්‍රොසෙසරයක් 512MB රැම් එකක් විතරයි ඉල්ලලා තිබුනේ. ඇත්තටම ගොඩක් හොද පැත්තකට තමා දැන් මෙහෙයුම් පද්ධති යොමුවෙන්න හදන්නේ. ඉස්සර අලුත් මෙහෙයුම් පද්ධතියකට යන්න තියන කම්පුටරය සැහෙන්න අප්ග්‍රේඩ් කරන්න ඕනේ වුනා. වින්ඩෝස් 2000 වලින් 98 වලින් xp වලට එද්දි එහෙම වුනා. ඒවගේම විස්ටා වලට එද්දි ගොඩක් දරුණුවට හාඩ්වෙයාර් ඕනේ වුනා. ඒත් 7 වලින් 8 වල‍ට යද්දි තියන කෑල්ලක් ගලවලා වුනත් යන්න පුලුවන් තත්වයක් තියෙන්නේ.

මෙන්න ලින්ක් ‍එක වින්ඩෝස් සර්වර් 8 ඩව්න්ලෝඩ් කරගන්න

http://www.microsoft.com/en-us/server-cloud/windows-server/v8-default.aspx

Leave a Comment

Filed under සිංහල

Windows 8 Consumer Preview

දැන් ටික ටික වින්ඩෝස් 8 ලංවෙන්න යන්නේ. දැන් වින්ඩෝස් 8 ඩිවලොපර් preview එක දාගෙන තමා මම දැන් ඉන්නේ. ඒ වගේම මම දැන් වින‍්ඩෝම් 8 කන්සියුමර් ප්‍රිවිවි එක ඩව්න‍්ලෝඩ් කරනවා. 3.3 ගිගාබයිට් හෙට වෙද්දි ‍එයි. ඇත්තටම ‍වින්ඩෝස් 7 මම මගේ ලැප්ටොප් එකටවත් දාලා තිබුනේ නැ. මම එක පාරම විස්ටා වලින් ආවේ වින්ඩෝස් 8 වලට. ඇත්තටම හොදයි. ඒවගේම වින්ඩෝස් 8 වල අලුත් ලක්ෂන ගොඩක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි. ඒවගේම වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එකෙත් ටාස්ක් මැනේජර් එකෙත් වැදගත් ලක්ෂන අලුතින් ගොඩක් දකින්න ලැබුනා. ඕයාලාත් අරගෙන බලන්න.

http://windows.microsoft.com/en-US/windows-8/iso

1 Comment

Filed under සිංහල

ලැප්ටොප් එකටත් වඩා චාජර් එක පරිසම් කරගන්න

මම කාලෙකට කලින් මගේ ලැප්ටොප් එක අසනීප වෙලා කියලා පෝස්ට් එකක් දැම්මනේ. ඉතින් මගේ අසනීප වෙච්ච ලැප්ට මම ඉතින් චාජරයක් ගන්න බම්බා ගියා. අපේ අප්පේ අලුතෙන් ලස්සන ලැපාලා ඇවිල්ලා තියන තරමක්. මම ඉතින් ඒවා ඔක්කෝම වින්ඩෝ ෂොපින් කරගෙන තමා ගෙදර ආවේ හිස් අතින් එන්නත් හොද නැනේ.

මම චාජයක් ගන්න මුලින්ම ගියේ ලැස්පොට් එක ගත්ත තැනටමයි. 3500ක් කිව්වානේ hp ස්ටිකරයක් ගහපු චාජරයකට. ඉතින් මම යුනිටිය වටේ ඇවිදලා ඇවිදලා බැලුවා 2500ට වඩා අඩුවට ගන්න කිසිම තැනක් නැ. ඉතින් මොනවා කරන්නද ‍චාජරයක් ගෙනාවා 2500ක් දීලා.

ඒක ගෙනාව වෙලාවේ ඉදලා තේ හදන්න පුලුවන් තරම් රත් වෙනවා. මට බය හිතෙනවා ඒක අල්ලපුවාම. ඒත් ඉතින් මම ලැප්ටොප් එකේ වැඩ නම් කරනවා. කොහොම වුනත් ජෙනුවින් ඇසසරි ගන්නවානම් 8000ක් වත් යයි. ඉතින් ඒක හන්දා ලැප්ටොප් එකට මොනවා හරි වුනොත් අලුතෙන් බ්‍රැන්ඩ් එකක්ම ගත්තැකි. ආපහු බ්‍රැන්ඩඩ් චාජයක් ගන්න වෙන්නේ නැ කවදාවත්ම. ඒක හන්දා චාජර් පරිසම් කරගන්න යාලුවනේ.

6 Comments

Filed under සිංහල

වින්ඩෝස් 8 වල අලුත් පාස්වර්ඩ් ක්‍රමය

වින්ඩෝස් 8 වල අලුත් විදියේ පාස්වර්ඩ් එකක් තියනවා. මේක ඉතින් ටෙබ්ලට් පරිඝනක අරමුණු කරගෙන දාලා කියලා තමා මට හිතුනේ. ඉතින් මේක අලුත් කිව්වට දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියන අය මීට ආසන්න විදිහේ අත්දැකීමක් විදිනවා. ඒ තමා අර ඩොට් ඩොට් ස්ක්‍රීන් ලොක් කරන පාස්වර්ඩ් එක. ඒවගේම තමයි වින්ඩෝස් 8 වල තියනවා අපිට ගෙස්චර් 3කින් පාස්වර්ඩ් එකක් පෙන්නන්න පුලුවන් අපි කලින් එසයින් කරපු පින්තුරයක. කිසිම ප්‍රශ්නයක් නැතුව කව්රුහරි ඉන්න තැනක සුපුරුදු විදිහට පාස්වර්ඩ් එක පාව්ච්චි කරන්නත් පුලුවන්.

 මම හොයලා බැලුවා මේ ගැන ඉන්‍ටර්නෙට් එකේ. මේකට තියන ප්‍රතිචාර ඒකියන්නේ සිකුරිටි එක්ස්පර්ට් ලගේ ප්‍රතිචාරනම් එච්චර හොද නැ. ඒත් මේක අපුරු අදහසක් කියලා මම හිතනවා. මම හිතන්නේ මේ පාස්වර්ඩ් එක කව්රුහරි ඉන්න වෙලාවට පාවිච්චි කරන්න පරණ පාස්වර්ඩ් එකත් දුන්නොත් හොදයි.

Leave a Comment

Filed under සිංහල